දෙසැම්බර් 26 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව නිවේදනය කරනවා.
මෙසේ විශේෂ නිවාඩු දිනය ප්‍රකාශයට පත් කිරීම සඳහා හේතුව පිළිබඳ නිශ්චිත ආරංචියක් මෙතෙක් ලැබී නෑ.
මීට පෙර ඉන්ධන අර්බුදය පැවති සමයේ දී සතියේ සෑ ම සිකුරාදා දිනක් ම රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කෙරුණා.
විශේෂයෙන් රාජ්‍ය සේවකයන්ට සඳහා ගෙවතු වගාව හුරු කරවීම සඳහා හා ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම යි එහි අරමුණ වුණේ.
නමුත් පසු ව එම ගැසට්ටුව ඉවත් කෙරුණා.
26 boxing day, අනිත් රටවල නිවාඩු දිනයක් තමයි. අනිත් රටවල නිවාඩු දිනවලට අප ටත් නිවාඩු නම් හොඳයි, ජාත්‍යන්තර buisness වලට. හොඳම වැඩේ කියන්නේ අනිත් රටවල් වැඩ කරන දින වලටත් අපට නිවාඩු. ඒ අතින් අපි හරි දියුණුයි.