සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ අනිවාර්ය ඉතුරුම් තැන්පතු සහ ඔවුන්ට ලැබිය යුතු සහනාධාර මුදල්වලින් රුපියල් කෝටි 4,765 (රුපියල් 47,653,794,136/-) අධික මුදලක් කොල්ල කා ඇති බව විගණන වාර්තා වී තිබේ.
මෙසේ කොල්ලකන ලද මුදල්වලින් විශාල ප්‍රමාණය එම ප්‍රතිලාභීන්ගේ අනිවාර්ය ඉතුරුම් මුදල් වන අතර පැවති ආණ්ඩු විසින් ඔශවුන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පසුගිය වසර 18ක් පුරා මෙම මුදල් විවිධ ක්‍රම මගින් කොල්ල කා තිබේ. විශේෂයෙන්ම මැතිවරණ කාලවලදී අමතර ගෙවීම් සිදු කිරීම සඳහා එම ඉතිරි කිරීම් යොදා ගෙන ඇත. නමුත් පසුව අදාළ මුදල් පියවන බව සඳහන් කර තිබුණද එසේ නොකර ගෙවී ගිය වසර 18 පුරාම මෙම මුදල් කොල්ලය සිදුකර තිබේ.
සමෘද්ධි සංවර්ධන ලොතරැයිය හඳුන්වාදීම මගින් රැස්කරන ලද අරමුදල් රුපියල් කෝටි 1,400ක්ද මේ ආකාරයට විවිධ ක්‍රම මගින් කොල්ල කා ඇති බව වැඩි දුරටත් හෙළිකර තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…