පාකිස්ථාන් හිටපු අගමැති ඉම්රාන් ඛාන් කාන්තාවන් දෙදෙනෙක් සමග කෙරෙන ලිංගික සංවාද ඇතුළත් හඬපට මේ වනවිට අන්තර්ජාලයේ වෛරස ආකාරයෙන් පැතිරයමින් තිබේ.
වාර්තාවලට අනුව මේ එක් හඬපටයක් පැරණි එකකි. එහි අතීතය 2008-09 දක්වා දිවෙයි. අනෙක් හඬපටය මෑත කාලීන බවට විශ්වාස කෙරේ.
මෑත කාලීන හඬ පටයේ නිර්නාමික කාන්තාවක් ඉම්රාන් ඛාන්ට ඇයගේ රහස් ප්‍රදේශයේ ඇති වේදනාවක් ගැන පවසා තමන්ට ඔහුව එදින හමුවීමට නොහැකිබව දන්වා අතැයි වාර්තා වේ.
ඉම්රාන් ඛාන් ඔහුගේ පවුලේ අය සහ දරුවන් පැමිණෙන බව පවසා ඇයට හමුවන දිනය පසුව දන්වන කියමින් දෙදෙනාගේ ඊළඟ හමුව වෙනත් දිනයක් සඳහා සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍යය කියයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම හඬපට ඉම්රාන් ඛාන්ගේ පාර්ශවයෙන් දැඩිව ප්‍රතික්ෂේප කර ඇති බවය. ඔවුන් පෙන්වා දෙන්නේ මේ ඔහුගේ චරිත ඝාතනයට ගත් උත්සාහයක් ලෙසය.
මෙම හඬපට පකිස්ථාන මාධ්‍යවේදී සයිඩ් අලි හයිඩර් විසින් ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ බෙදාගෙන ඇති අතර එම හඬපට තවමත් එම නාලිකාවේ ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් කියයි.
“ඉම්රාන් ඛාන් ලෙස පෙනී සිටිය හැකි බොහෝ අය සිටිති. එය ඔවුන්ගෙන් එක් අයෙකු විය හැකිය. මෙම වෛරස් වන හඬපට සම්බන්ධව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කර නැත,” .
“මෙම ලාභ උපක්‍රම සහ ව්‍යාජ ප්‍රචාර ඉම්රාන් ඛාන්ට හානියක් නොවන බව ඔවුන් දන්නේ නැත. ඉම්රාන් ඛාන් විසින් ඔවුන්ගේ අවසාන ව්‍යාජ වීඩියෝ සහ ඕඩියෝ කාඩ්පත් භාවිතා කළ යුතු තැනට ඔහුගේ සතුරන් දණගස්වා තිබේ.“ ඉම්රාන්ගේ පාර්ශවය පවසයි. .
.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…