අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් මේ වසරේ වැඩිම චෝදනා එල්ල වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්රයේ නිලධාරීන්ට බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග වලින් පැවසේ.
මෙලෙස චෝදනා එල්ලවී අධ්‍යාපන ක්ෂේත්රයේ පිරිසට පාසල්, අධ්‍යාපන අමාත්‍යාංශය හා කලාප කාර්යාලවල නිලධාරීහු 212ක් ඇතුළත්වෙති.
අධ්‍යාපන ක්ෂේත්රයෙන් පසු අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් දෙවැනුව වැඩිම චෝදනා එල්ල වී ඇත්තේ පොලිස් නිලධාරීන්ට එරෙහිවය. එම නිලධාරීන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි ගණන 161 කි.
අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් තෙවැනුව වැඩිම පැමිණිලි ඉදිරිපත්ව ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරින්ට එරෙහිවය.
මෙම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඉඩම් නිලධාරීන් ග්‍රාම නිලධාරින් ඇතුළු නිලධාරිහු අට දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
මේ අතර අල්ලස් ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 1945ක් මේ වසරේ ඔක්තෝබර් මස 31 වෙනිදා දක්වා ඉදිරිපත්ව තිබූ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මේ කාලසීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති රාජ්‍ය නිලධාරින් සංඛ්‍යාව විසි හයක් බව අල්ලස් කොමිසම පවසයි.
මේ අතර ආර්ථික උද්ධමනකාරී තත්වය හේතුවෙන් අල්ලස් ගැනීම්වල යම් වැඩිවීමක් පෙනෙන්නට ඇති බව කොමිසමේ නිලධාරීහු පෙන්වා දෙති.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…