ආනයන තහනම පනවා තිබූ භාණ්ඩ වර්ග 10 ක් සඳහා අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි එම තහනම ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව සංචාරක ක්‍ෂේත්‍රයට අවශ්‍ය ශක්තිජනක පාන ආනයනය කිරීම, ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය MDF පුවරු, CCTV ඒකක සහ ආරක්ෂක කටයුතු සඳහා උපකරණ සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද ක්‍රීඩා භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් අද සිට ඉවත් කර තිබෙනවා.

වසර ආරම්භයේ සිට ශ්‍රී ලංකාව මුහුණ දෙන විදේශ විනිමය අර්බුදය සැලකිල්ලට ගනිමින් ආනයන සීමා කිරීමට අවස්ථා කිහිපයකදී ගැසට් නිකුත් කළා.

Ceylon News Factory

View Comments

  • Please i urge you...dont import any item product in Sri Lanka.
    I tell you example ;
    Two companies producting in here of Rexine act.. but also you given approval and permission to import these items. So how government do like this. This thing happening in Sri Lanka. If any item product in here the Government should have to give authority and stop the Import items if that product in Sri Lanka. From that matter we can save Dollars go out from here...
    Pls attn.

    Gihan

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago