ලබන වසරේ ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට අවශ්‍ය පාසල් නිල ඇඳුම්වල්නි සියයට 70ක ප්‍රමාණයක් චීනය විසින් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිතව තිබේ. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 5කට අධික වටිනාකමකින් යුත් ප්‍රදානයකි.
චයිනා එයිඩ් හරහා ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ පළමු නිල ඇඳුම් තොගය මේ වන විට ෂැංහායි නුවරින් නැව්ගත කර තිබේ. එම නිල ඇඳුම් තොගය රැගත් නෞකාව ලබන වසරේ ජනවාරි 6 වැනිදා වන විට කොළඹ වරායට සේන්දු වීමට නියමිතය.
මෙම නිල ඇඳුම් තොගයේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් අවශ්‍ය නිල ඇඳුම් වර්ග හතරක් ඇතුළත් වෙයි. එම රෙදි තොගයේ සම්පූර්ණ දිග මීටර් මිලියන 3.01කි. මෙම රෙදි තොගය පෙට්ටි 37692ක අසුරා ඇති අතර එය කන්ටේනර් 20කට ඇසුරුම් කර තිබේ.
ඒ වගේම චීනය විසින් ආධාර ලෙස ලංකාවට ලබාදීමට පොරාන්දු වූ සහල් මෙට්‍රික් ටොන් 10,000 ලබා දී අවසන් බව කොළඹ චීන තානාපති කාර්යාල පවසනවා.
ඒ අනුව එහි අවසන් කොටස වන සහල් මෙට්‍රික් ටොන් 1,000 සහිත බහාලුම් රැගත් නෞකාව ඊයේ (19) කොළඹ වරායට පැමිණි බවයි මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.
එම සහල් තොගය මෙරට පාසල් 7,900 ක් ආවරණය වන පරිදි සිසුන් මිලියනයකගේ පෝෂණය අවශ්‍යතාවය වෙනුවෙන් බෙදාහැරීමට කටයුතු කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…