පාපන්දු ක්‍රීඩා කිරීම ගැන මෙසී තීරණයක් ගනී !

ලෝක පාපන්දු කුසලානය දිනාගැනීමට ආජන්ටිනා කණ්ඩායමට නායකත්වය ලබාදෙමින් හොඳම ක්‍රීඩකයා ලෙස ගෝල්ඩන් බෝල් සම්මානය දිනාගත් ලියනොල් මෙසී, පාපන්දු පිටියට සමු නොගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

කටාරයේ පැවති අවසන් තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන්ට ලෝක ශූරයෙකු ලෙස තවත් තරග කිහිපයක් අත්විඳීමට අවශ්‍ය බවයි.

ඒ අනුව ඔහු 2024 වසරේ පැවැත්වෙන කොපා ඇමරිකා තරගයට සහ ඉදිරි ලෝක කුසලාන තරග වලටද සහභාගි වනු ඇති.

35 හැවිරිදි ලියනොල් මෙසී පසුගිය ඔක්තෝම්බර් මාසයේ නිවේදනය කළේ කටාරයේ පැවැත්වෙන අවසන් තරගයෙන් පසු ලෝක කුසලාන පාපන්දු තරගවලට සමුදෙන බවටයි.

ලියනොල් මෙසී ප්‍රථම වරට ලා අල්බිසෙලෙස්ටෙ කණ්ඩායමට 2005 වසරේදී තරග කළ අතර, ලෝක කුසලාන තරගාවලියකට මුහුණදෙනු ලැබුවේ 2006 වසරේදියි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago