දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය ගැන CIDය බ්‍රයන් තෝමස්ගෙන් ප්‍රශ්න කරයි !

ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරකයෙකු වූ බ්‍රයන් තෝමස්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටින බව පොලිසියේ ඉහළ නිලධාරිවරයෙක් පැවසීය.

බ්‍රයන් තෝමස් සහ දිනේෂ් ශාෆ්ටර් අතර රුපියල් කෝටි ගණනක ගනුදෙනුවක් සිදු වී ඇතැයි මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.

එම මුදල නොගෙවීම සම්බන්ධයෙන් එම ක්‍රිකට් විස්තර විචාරකයා මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව තිබිණි.

දිනේෂ් ශාෆ්ටර් බොරැල්ල කනත්ත තුළදී වාහනයේදී ම ඝාතනයට ලක්ව ඇති බව ද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දිනේෂ් ශාෆ්ටර්ගේ බිරිඳගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වේ.

ඇය ඊයේ පොලිසියට පවසා තිබුණේ, ණය මුදලක් ආපසු ලබා දීමට පැමිණෙන ලෙස කළ දැනුම් දීමක් අනුව දිනේෂ් ශාෆ්ටර් නිවසින් පිටත්ව ගිය බවය.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago