බාස්මති සහල් හැර සෙසු සහල් වර්ග ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා, අද (14) පැවසීය.
එම ගැසට් නිවේදනයත් සමඟ බාස්මති සහල් පමණක් ආනයනය කළ හැකි බවත් සෙසු සහල් වර්ග ආනයනය නතර කිරීමට සිදුවනු ඇති බවත් සෙනෙවිරත්න මහතා කීය.
සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයට යටත් කරමින් මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මෙම තහනම පනවා තිබේ.
නෞකාවල මෙරටට රැගෙන එමින් තිබෙන සහල් තොග සහ මෙම මස 9 වැනිදාට පෙර ණයවර ලිපි නිකුත්කර ඇති ඇණවුම් සඳහා විශේෂ බලපත්‍ර ඔස්සේ එම සහල් තොග පමණක් වරායෙන් නිදහස් කර ගත හැකි බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.