නැවත වරක් ඉලෝන් මසක් ලොව ධනවත්ම පුද්ගලයන් අතර දෙවැනි ස්ථානයට පත්ව තිබේ.
ඉලෝන් මස්ක් පසු කරමින් ලුවී වටාන් මවු සමාගම වන එල්වීඑම්එච් හි සභාපති මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ බර්නාර්ඩ් ආර්නොල්ට් ලොව ධනවත්ම පුද්ගලයා වී ඇත.
ඉලෝන් මසක් ට්විටර් සමාගම මිලදී ගැනීමේ දින සිට මේ දක්වා ටෙස්ලා සමාගමේ කොටස් අගය සියයට 28 කින් පහත වැටීම හේතුවෙන් ඉලෝන් මසක් සහ බර්නාර්ඩ් ආර්නොල්ට් අතර ලොව ධනවත්ම පුද්ගලයා ස්ථානයට තරඟයක් ආරම්භ වී තිබේ.
මීට පෙරද කිහිපවතාවක් බර්නාර්ඩ් ආර්නොල්ට් ඉලෝන් මස්ක් පසුකරමින් ලොව ධනවත්ම පුද්ගලයා වූ නමුත් ඉලෝන් මස්ක් සාර්ථකව ඔහුව පසුකරමින් එම අවස්ථා කිහිපයේදී නැවත වරක් ලොව ධනවත්ම පුද්ගලයා වීමට සමත් විය.
මෙම අවස්ථාවේ ඉලෝන් මස්ක්ගේ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 කින් පහත යමින් ඔහුගේ මුළු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 176.8 ක් ලෙස සටහන් වී ඇති අතර බර්නාර්ඩ් ආර්නොල්ට්ගේ ගේ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7 කින් ඉහළ යමින් ඔහුගේ මුළු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 188.6 ක් වී ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…