ඊයේ (10) අල් බේට් ක්රීඩාංගනයේ පැවති තරගයේ ප්රථමම අර්ධයේ 1 -0 ලෙසින් ඉදිරියෙන් සිටීමට ප්රංශය සමත් විය. ප්රංශය වෙනුවෙන් මුල්ම ගෝලය වර්තා වන්නේ 17 වැනි මිනිත්තුවේ දීය. Aurelien Tchouameni තියුණු දිගු දුර පරහක් එල්ල කරමින් ඔහු එම ගෝලය වර්තා කළේය.
දෙවන අර්ධයේ දී එංගලන්තය නව ජවයකින් යුතුව යළි දෙවන භාගය ආරම්භ කළේය. තරගයේ 54 වැනි මිනිත්තුවේ දී එංගලන්ත නායක හැරී කේන් දඬුවම් පහරකින් ගෝල සංඛයාව සම කළේය.
77 වැනි මිනිත්තුවේ දී ප්රංශ ක්රීඩක ඔලිවියර් ගිරූඩ් විසින් ප්රංශය වෙනුවෙන් ජයග්රාහී ගෝලය වාර්තා කළේය.
තරගයේ 84 වැනි මිනිත්තුවේදී ලකුණු සම කිරීමට එංගලන්තයට ලැබුණු ස්වර්ණමය අවස්ථාව මගහැරී ගියේය. තමන්ට ලැබුණු දඬුවම් පහර ගෝලයකට ප්රවර්ථනය කරගැනීමට එංගලන්ත නායක හැරී කෙන් අසමත් විය.
ජයග්රාහී ප්රංශය බදාදා අල් බේට් ක්රීඩාංගණයේදී ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී මොරොක්කෝව සමඟ තරඟ කිරීමට නියමිතය.