හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ඒ විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ට ඉදිරි පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා ලබානොදෙන ලෙසයි.
පොදුජන පෙරමුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන්ගෙන් අයැදුම්පත් කැඳවීමට එම පෙරමුණ මේ වන විට තීරණය කර ඇති නිසා පක්ෂ නායකයා ලෙස මෙම තීරණය ගෙන තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා.
එමෙන්ම මෙම අයැදුම්පත් සලකා බැලීමේදී උගත්කම පිළිබඳව සේම ඔහු හෝ ඇය දේශපාලනයේ ප්‍රායෝගිකව නිරතව ගමේ ජනතාව සමඟ වැඩ කටයුතු කළ අයෙකුද යන්න පිළිබඳවද මූලික අවධානය යොමුකරන ලෙසද මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දැනුම් දී තිබෙනවා.
එමෙන්ම පොදුජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාද මෙම කරුණු පිළිබඳ වැඩි අවධානය යොමුකළ යුතු බව පක්ෂ ප්‍රබලයන්ට දැනුම් දී තිබෙනවා.
විශේෂයෙන්ම ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා දක්ෂ තරුණ නියෝජිතයන් ඉදිරිපත් කිරීමට වැඩි අවධානයක් යොමු කිරීමට පොදුජන පෙරමුණ තීරණය කර ඇති අතර පළාත් පාලන මැතිවරණයට අදාළ අයැදුම්පත් පිළිබඳ තනි තනිව අධ්‍යයනය කිරීමටද පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවට කිහිපයක් පසුගිය සතියේ නෙළුම් මාවත පොදුජන පෙරමුණු පක්ෂය කාර්යාලයේදී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව වාර්තා වනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…