කෘත්‍රීම බුද්ධිය පාසල් විෂය මාලාවට එකතු කරන්න ඇමතිවරයා සැරසෙයි

තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනීමකින් තොර ව කම්කරු රැකියාවකින් එහා ගිය රැකියාක් සොයාගැනීම පවා තව වසර පහක දී ඉතා දුෂ්කර වනු ඇති බවත් ඊට සූදානම් වෙමින් ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට තොරතුරු තාක්ෂණ විෂය පත් කරන බවත් ඊට සමගාමී ව 8 ශ්‍රේණියේ සිට කෘත්‍රීම බුද්ධිය විෂයක් ලෙස සිසුන්ට හඳුන්වා දෙන බවත් පෙර එම විෂය 10 ශ්‍රේණියට හඳුන්වා දීමේ සූදානමක් පැවතිය ද විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු විද්වත් කමිටුවක යෝජනා මත 8 ශ්‍රේණියේ සිට ම කෘත්‍රීම බුද්ධිය විෂය ඉගැන්වීම ආරම්භ කිරීමට තීරණය කළ බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති උත්සව අවස්ථාවකට එක් වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙවැනි පරිවර්තනීය වෙනසකින් තොර ව අමතර පන්ති පැවැත්වීමෙන් පමණක් 21 වෙනි සියවසට උචිත මානවයකු බිහි කළ නොහැකි බවත් සුළු සුළු සංශෝධන සහිත ව තව මත් අප පවත්වාගෙන යන්නේ යල් පැන ගිය විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය ම බවත් ය.

එසේ ම මේ ක්‍රමය වෙනස් කරමින් අප නැගී සිටිය යුතු අතර අද බොහෝ තරුණ පිරිස් ඉල්ලා සිටින්නේ ඒ වෙනස බව ද ඒ විප්ලවීය සමාජ වෙනස අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමය හරහා සිදු කිරීමට තමන් සූදානම් බව ද අමාත්‍යවරයා පවසා සිටියි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago