සජිත් ප්‍රේමදාසට සහ රංජිත් මද්දුමබණ්ඩාරට නොතීසි !

260 Views
1 Min Read

විපක්ෂ සමගි ජන බලවේගය පක්ෂ ව්‍යවස්ථාවට අනුව පිටස්තර පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයෙකුට පක්ෂයේ සාමාජිකත්වය දැරිය නොහැකි බව සඳහන් කරමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ඉදිරිපත් කළ නඩුවක් අද (09) දින කැදවිය.

සමගි ජන බලවේගය පක්ෂ තනතුරු දැරීම තහනම් නොකිරීමට හේතු ඇත්නම් එළඹෙන ජනවාරි 25 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නැයි කොළඹ දිසා විනිසුරුවරිය විපක්ෂ නායක සභාපති සජිත් ප්‍රේමදාසට සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට අද නොතීසි හා සිතාසි නිකුත්  කළාය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට සමගි ජන බලවේගයේ තනතුරු දැරීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට සමගි ජන බලවේගයේ තනතුරුවල කටයුතු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයිද එහිදී එම පෙත්සම්කාරිය ඉල්ලා සිටියේය.

Share This Article
Leave a comment