කිළිනොච්චිය නගරයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක එක් සිසුවෙකු තවත් සිසුවෙකු පානය කරන ජලයට මත්ද්‍රව්‍යයක් කලවම් කිරීම නිසා ජලය පානය කළ සිසුවා රෝගී වී ඊයේ (06) කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
කිළිනොච්චිය රෝහලට ඇතුළත් කළ සිසුවාගේ තත්ත්වය බරපතල බැවින් ඔහුව රාත්‍රියේම යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබේ.
කිළිනොච්චිය රෝහල් පොලීසිය විසින් සිසුවාගෙන් ලබා ගත් කට උත්තරයකට අනුව මත්ද්‍රව්‍ය කලවම් කළ සිසුවා අත් අඩංගුවට ගැනීමට කිළිනොච්චිය පොලීසිය විමර්ශන ආරම්භ කොට තිබේ.
පානීය ජලයට මත්ද්‍රව්‍ය කලවම් කළ සිසුවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙකු බවත් ජලය පානය කළ සිසුවා අධ්‍යාපන කටයුතු වලට ඉතා උසස් අන්දමින් දස්කම් දක්වන බවත් ප්‍රකාශ කරණ පොලීසිය එම ඊර්ෂ්‍යාව මත මෙම ක්‍රියාව සිදු කරන්නට ඇති බවට විශ්වාස කරයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…