ලිහිල් වුණු කොවිඩ් නීති

COVID-19 වසංගතය අතරතුර විදේශගතව සිට ආපසු පැමිණීමේ දී පනවා තිබූ සීමාවන් සම්පූර්ණයෙන්ම ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව ඕනෑම ගුවන් තොටුපළක් හෝ මුහුදු තොටක් හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඕනෑම පුද්ගලයකු විසින් COVID-19 එන්නත් සහතිකයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය අඟහරුවාදා (06) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

ඕනෑම ගුවන්තොටුපළක් හෝ මුහුදු තොටක් හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු විසින් ගොඩබෑමට පෙර හෝ පැමිණීමේදී ඍණාත්මක COVID-19 පරීක්ෂණයක් (PCR/RAT) ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය තවදුරටත් අවශ්‍ය නොවන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

විදේශීය ජාතිකයන්/සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු COVID-19 ධනාත්මක බවට පත් වුවහොත්, ඔවුන් පෞද්ගලික රෝහලක/හෝටලයක/පදිංචි ස්ථානයක දින 7ක් හුදකලා විය යුතු වනවා.

ප්‍රතිකාර/හුදකලා වීමේ පිරිවැය විදේශීය පුරවැසියන්/සංචාරකයින් විසින් දැරිය යුතුයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

13 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

13 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago