රාජ්‍ය දේපොළ විකුණා හෝ ඩොලර් අර්බුදය විසඳා නො ගත හොත් ලංකාවට ජාත්‍යන්තර වෙළෙඳපොළහි මිල දී ගැනීම් කිරීම අපහසු වනු ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා
රට තුළ පවතින විදෙස් සංචිත ගොඩ නඟන්නට කටයුතු නො කරන්නේ නම්, මොන ම හෝ දේපොළක් විකුණා පවතින ඩොලර් අර්බුදය විසඳා ගත යුතු බව යි ඔහු සඳහන් කරන්නේ.
එසේ නොමැති වුව හොත් ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරන්නට හැකියාවක් නොමැති බවත් හා එදිනෙදා රජයේ වියදම් පවත්වාගෙන යෑමේ ගැටලුවක් මතු වන බවත් බන්දුල ගුණවර්ධන අවධාරණය කරනවා.
ලංකාව අනිවාර්යයෙන් ම විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 03ට වැඩි මට්ටමකට ගෙන ඒමට කටයුතු කළ යුතු බව ද ඔහු පවසනවා.
රටේ කුමන හෝ වත්කම් අලෙවි කිරීමට කටයුතු කර අය-වැයේ පවතින අර්බුදය සමනය කිරීමට කටයුතු කළ යුතු බව යි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඔහු ඊයේ (06) පැවසුවේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…
පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
View Comments
මෙච්චර කල් කරෙත් විකුණන එකනෙ