මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිගේ ක්‍රියාකලාපය ගැන විදුලිබල ඇමතිගෙන් චෝදනා !

හෝටල් සහ මහල් නිවාස පද්ධතියක හිමිකාරිත්වය දරන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම මහල් නිවාසවලට හා හෝටල් පද්ධතියට අඩු මිලට විදුලිය බෙදන අතරේ අනෙක් තැන් වෙත විදුලි ගාස්තු වැඩි කර ඇති ආකාරය ඉදිරියේ දි තමන් පෙන්වා දෙන බව විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
ඔහු මේ බව පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මන් කිරිඇල්ල විසින් විදුලි බිල වැඩිවීම සම්බන්ධව මතුවී ඇති ප්‍රශ්නය විපක්ෂයේ ප්‍රශ්නයක් නොව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සහ විදුලිබ ඇමතිවරයා අතර ඇති වී ඇති ආරවුලක් බව ප්‍රකාශ කිරීමෙන් පසුය.

“මේ ගොල්ල පත් කළේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා. ඔහු හැමදාම හතට ටී.වී එකට ඇවිත් කියනවා විදුලි බිල වැඩි කිරිමක් අවශ්‍ය නෑ කියලා. මෙතුමා ඇවිත් වෙන කතාවක් කියනවා. ප්‍රශ්නය තියෙන්නෙ මෙතන. මෙතුමා එකක් කියනවා. මහජන උපයොගීතා කොමිසමේ සභාපති තව එකක් කියනවා. ජනතාවට ප්‍රශ්නයක් තියනවා මේ ගැන.“

මේ සම්බන්ධව දීර්ඝ පිළිතුරක් ලබා දෙන අතර විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මෙසේ කීවේය.

“ මා ඉන්න ස්ථාවරය තමයි විදුලිය අඛණ්ඩව ලබා දිය යුතුයි කියන ස්ථාවරය. අඛණ්ඩව විදුලිය ලබා දිමට ගාස්තු සංශොධනයක් කළ යුතුයි. “

“සමහර තැන්වලදි මහජන උපයෝගීතා කොමිසම හැසිරී ඇති ආකාරය මා ඉදිරියේ දී අනාවරණය කරන්නම්. එතුමාගේත් හෝටල් පද්ධතියක් තියන නිසා හෝටල්වලට අඩු කරලා එපාර්ට්මන්ට්වලට අඩු කරලා විදුලිය කොහොමද බෙදලා තියෙන්න කියලා එදාට මං කියන්නම්. අනෙක් තැන්වලට වැඩිකරලා තියෙන්නෙ කොහොමද කියලත් කියන්නම්. ඒකත් අපි පෙන්වන්නම්“

“පැහැදිලි විනිවිද භාවයකින් අපි යෝජනා කරන්නේ විදුලි උත්පාදනය සඳහා ඒකකයකට 57.90යි නම් වැය වෙන්නෙ 57.90 සියලු දෙනාට පොදු වෙන්න ඕන. එහෙම නැතිනම් යම් ක්‍රමවේදයක් එන්න ඕන ඒ පිරිසට අවශ්‍ය පහසුකම් ටික දෙන්න

Ceylon News Factory

Recent Posts

රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස් !

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…

5 hours ago

උසස් පෙළ විභාගයේ සංශෝධිත කාල සටහන මෙන්න !

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…

7 hours ago

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළට !

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…

8 hours ago

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා !

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…

8 hours ago

ට්‍රැක්ටර් අනතුරට අදාළව විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ් !

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…

8 hours ago

ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි – අද කාලගුණය මෙන්න !

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…

9 hours ago