තවත් වකුගඩු ජාවාරමක් !

වතු ආශ්‍රිතව ජීවත් වන තරුණ තරුණියන්ගේ සහ විවිධ වයස්වල අඩු ආදායම්ලාභී ජනතාව තෝරා ගෙන ඉතා රහසිගතව තැරැව්කරුවන් මඟින් සිදු කරන වකුගඩු ජාවාරමක් පිළිබඳ තොරතුරු මාතලේ, උකුවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එක වකුගඩුවක් රුපියල් ලක්ෂ තුනත් පහත් අතර මුදලකට මිලදී ගැනීම් සිදු වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙසේ ශරීරයේ අවයව අලෙවි කරන ජාවාරමේ බරපතළම තත්ත්වයක් මේ වන විට මතුව ඇති අතර එසේ වකුගඩු අලෙවි කිරීම නිසා මේ වන විට එම ප්‍රදේශයේ බහුතරයක් දෙනා රෝගීන් බවට පත්ව දැඩි දුෂ්කරතාවලට මුහුණ දී තිබෙන බවයි වාර්තා වන්නේ.

පවතින ආර්ථික දුෂ්කරතාව නිසා වතු ජනතාව තම වකුගඩුව අලෙවි කිරීම සිදු කරන බවත් ජීවිතය පවතිනතුරු එම අය සඳහා විවිධ උදව් උපකාර කරන බවට පොරොන්දු වුවද අවසානයේ වකුගඩුව ගලවා ගැනීමෙන් පසු තැරැව්කරු විශාල මුදලක් ලබාගෙන ඉතිරි මුදල කොටස් වශයෙන් හෝ තමන්ට ලබා දී ඉන් පසුව වකුගඩුව මිලදී ගන්නා පුද්ගලයා තමන් දෙස කිසිදු අවධානයක් යොමු නොකරන බව වකුගඩු අලෙවි කළ උකුවෙල ප්‍රදේශයේ ජනතාව පවසනවා.

මේ වන විට උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වතු ජනතාව අතරින් සියයකට අධික පිරිසක් වකුගඩු අලෙවි කොට තිබෙන බවත් ඇතැම් අය රැකියාවක් කර ගැනීමට නොහැකිව අන්ත අසරණ වී ඇති අතර, ඔවුන්ගේ පවුල්වල විවිධ ගැටලු ප්‍රශ්න පැන නැඟී සියදිවි හානිකර ගැනීමේ තත්ත්වයට පවා මුහුණ දී තිබෙන බවයි වකුගඩු අලෙවි කළ පවුල්වල සාමාජිකයෝ මෙන්ම අ‍ෙලවි කළ පිරිස් පෙන්වා දෙන්නේ.

මේ අතර බොරැල්ල කොටා පාරේ පෞද්ගලික රෝහලක සිදු වූ බව කියන වකුගඩු ජාවාරමේ ප්‍රධාන නියෝජිතයා ලෙස කටයුතු කළ පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පැවසුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය කජිමා වත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් බසීර් මොහොමඩ් රාජාබ්ඩින් නොහොත් බායි නමැති 41 හැවිරිදි පුද්ගලයෙක්.

පසුගිය දින කීපය තුළ සැකකරු ප්‍රදේශය හැර සහ ගොස් තිබූ අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක 2හි ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර් එම් රත්නමලල මහතා ට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වකුගඩුවකට රුපියල් කෝටි එකහමාර, ලක්ෂ 80 ආදී විවිධ මිල ගණන් ලබා දෙන බව පවසා කොළඹ 14 සහ 15 ප්‍රදේශ වල පදිංචි දිළිඳු පවුල්වල පුද්ගලයන් 4 දෙනකු සහ කාන්තාවකගෙන් වකුගඩු ලබාගෙන රුපියල් දෙලක්ෂ පනස් දහසක් වැනි සුළු මුදලක් ලබාදී මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය පැවසුවා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago