යාපනය කොළඹ සුඛෝපභෝගී බස් රථයක් අනතුරට ලක්වෙයි !

අද දින අළුයම් කාලයේදී කිලියනාච්චිය පොලිස් වසයම් මහනුවර යාපානය ඒ9 මාර්ගයේ කියලෝ මීටර් 247 කණුව ආසන්නයේදී කොළඹ දෙස සිට යාපනය දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයේ සිටි ගවයකුයේ ගැටීමෙන් රියදුරුට බස් රථය ාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලී අනතුරක් සිදුව ඇත

අනතුරින් බස් රථනේ ගමන් ගත්ත මඟින් 19 නෙනනකු තුවාල ලබා කිලිනනාච්චිය රෝහලට ඇතුලත්ත කර ඇති අතර තුවාලකරුවන් අතර පිරිමි පුද්ගලයින් 11ක්, කාන්තාවන් 07 ක් හා වයස අවුරුදු 1 ½ ක කුඩා පිරිමිදරුවෙකු වේ.

මෙම අනතුරෙන් බස් රථයට දැඩි හානි සිදුව තිබේ.

වර්ෂාව පැවති අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති අතර පොලිසිය පවසන්නේ රියදුරුට මාර්ගය නොපෙනීමත් ඔහුට නින්ද යාමත් නිසා මෙම අනතුර සිදුව ඇති බවයි.

මීට සති තුනකට පෙරද යාපනය කොළඹ අතර ධාවනය වන අති සුඛෝපභෝගී බස් රථ දෙකක් එකම මොහොතක වවුනියාවේදී අනතුරට ලක් වීමෙන් රියදුරෙකු ඇතුලු හතර දෙනෙකු තුවාල ලබා සිටියහ.

මෙම බස් රථ රාත්‍රියේ ගමන් ආරම්භ කොට අළුයම් කාලයේදීත් ගමන හමාර නොවන නිසා රියදුරන් අධික වෙහෙසට පත් වී සිටීමත් ඔවුන්ට නින්ද යාමත් නිසා මෙම අනතුරු සිදු වන බව පොලීසිය ප්‍රකාශ කරයි.

කිළිනොච්චිය පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා ගෙන යයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago