කැළණිය ප්රදේශයේ අද (05) උදෑසන හදිසියේ ගින්නක් ඇති වී තිබෙනවා.
ඒ කැළණිය – ගල්බොරැල්ල මංසන්ධියේ පිහිටා ඇති හේමාස් පෞද්ගලික රෝහලට අයත් ගබඩා ගොඩනැගිල්ලකයි.
මේ වනවිට අදාළ ස්ථානයට ගිනි නිවීමේ රථ හා ජල ප්රහාරක රථ කැළණිය නගර සභාවෙන් පිටත් කර යවා ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න මර්දනයට ගිනි නිවීමේ රථ 06ක් යොදවා තිබෙනවා.
ගින්නට හේතුවක් තවමත් සොයාගෙන නොමැති අතර, ඇතුළත සිදු වූ කාර්මික දෝෂයක් මෙලෙස ගින්න ඇති වන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරනවා.
ගින්නෙන් විශාල දේපල හානියක් සිදුව ඇති මුත්, ජීවිතවලට ඉන් හානියක් සිදුව නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් විමර්ශන ක්රියාත්මකයි.
මීට පැය කීපයකට පෙර කොළඹ දිස්ත්රික් ජාතික ජන බලවේග කණ්ඩායම් නායිකා මෙන්ම අග්රාමාත්ය ආචාර්ය හරිනි…
කුරුණෑගල දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ජාතික…
රත්නපුර දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ජාතික…
2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි…
මඩකලපුව දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ඉලංකෙයි…
කෑගල්ල දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ජාතික…