අතුරුදන්වී සිටින තරුණයෙකු සොයාගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මේ දැනුම්දීම සිදුකර ඇත්තේ මාවනැල්ල පොලීසිය විසිනි.
අතුරුදන්ව ඇත්තේ විදූෂික නවාංජන බණ්ඩාර නමැති 20 හැවිරිදි තරුණයෙක් වන අතර, මෙම තරුණයා අතුරුදන්වී ඇති බවට ඔහුගේ මව විසින් ඉකුත් 19 වනදා පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
ඔහු මව, පියා සහ සහෝදරිය සමග හිඟුල, මානික්කාව වත්ත ප්‍රදේශයේ ජීවත්වී ඇති බව සඳහන්.
පසුගිය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු ඔහු 2022 ජුනි මසදී පැවැදිවීම සඳහා පුත්තලම ආණමඩුව ප්‍රදේශයේ විහාරස්ථානයක් වෙත ගොස් තිබෙනවා.
ඉන් අතරුව ඔක්තෝබර් මසදී දෙමාව්පියන් බැලීම සඳහා නිවසට පැමිණ නැවත පිටත්ව ගොස් තිබුණා.
එසේ යන අතරතුර සහෝදරියගේ දුරකථනයට ඇමතුමක් ගෙන කෑගල්ලේ සිටින බවට ප්‍රකාශ කර ඇති අතර, පසුව තරුණයා විහාරස්ථානයට නොපැමිණි බව විහාරාධිපති හිමියන් විසින් දෙමව්පියන් වෙත දැනුම්දී තිබෙනවා.
ඔහුව අවසන් වරට දකින විට කොළ පැහැති අත්දිග කමිසයක් සහ නිල් පැහැති ඩෙනිම් කොට කලිසමකින් සැරසී කළු පැහැති හිස්වැසුමක් පැළැඳ සිට ඇති බව සඳහන්.
එමෙන්ම මේ සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් මාවනැල්ල පොලිස් ස්ථානාධිපති 0718 59 14 18 හෝ මාවනැල්ල පොලිස්ථානයේ 035 22 47 222 යන අංකය වෙත දැනුම්දෙන ලෙස එම නිවේදනයේ දැක්වෙනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…
පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…