ගාල්ල හිටපු මහෙස්ත්‍රාත්වරිය වන ඩී. එස්. මෙරිංචිආරච්චිට කොළඹ මහාධිකරණය විසින් අද (02) බරපතළ වැඩ සහිත වසර 05ක් බැගින් වූ සිරදඬුවම් නියම කළේය.
සුරාබදු වැරදි සඳහා අය කරන දඩ මුදල් අඩුවෙන් සටහන් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යයි චෝදනා කරමින් පවරා තිබු නඩු දෙකකට අදාලව අධිකරණය විසින් සිදුකළ දීර්ඝ නඩු විභාගයකින් පසු ඇය වැරදිකාරයි කොට මෙම දණ්ඩයනයට යටත් කළේය.
මේ වනවිට අධිකරණය මඟහැර සිටින විත්තිකාර මෙරින්චිආරච්චි අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු ද නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා නියෝග කර ඇත.
ඊට අමතරව විත්තිකාරියට රුපියල් 22,500 ක දඩයක් ද නියම කර තිබේ.
විත්තිකාරිය අධිකරණය මඟහැර සිටින අතර ඇය නොමැතිව මෙම නඩු විභාගය පැවැත්වුණි.
2000 වසරේ අප්‍රේල් මස 04 වනදා සහ 05 වනදා අතර කාලය තුළ සුරාබදු නඩුවක් සඳහා නියම කෙරුණු රුපියල් 7,500ක දඩ මුදලක් රුපියල් 1,500ක් ලෙස සටහන් කිරීමෙන් සහ තවත් නඩුවකට නියම කෙරුණු රුපියල් 5,000 දඩ මුදලක් රුපියල් 1,500 ක් ලෙස අඩුවෙන් සටහන් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ රාජ්‍ය මුදල් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…