ගුරුවරුන්ට ඇඳුම් සඳහා දීමනාවක් ලබාදිය නොහැකි බව රජය කියයි

පාසල් ගුරුවර ගුරුවරියන්ට ඇඳුමක් වෙනුවෙන් දීමනාවක් ලබා දීම රජය මේ වනවිට මුහුණ දී ඇති ආර්ථික අපහසුතා අනුව සිදු කළ නොහැකි බවත් ඒ වෙනුවට යම් වැඩපිළිවෙළක් මේ වනවිට සැලසුම් කරමින් සිටියද ඒ පිළිබඳව දැනට හෙළි කළ නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසිය.
අමාත්‍යවරයා මේ ප්‍රකාශය කළේ සමගි ජනබලවේග මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනි රෝහිනි කවිරත්න මහත්මිය ගුරුවරුන්ට ඇඳුම් සඳහා දීමනාවක් ලබා දීමට රජයෙන් කළ ඉල්ලීමට පිළිතුරු වශයෙනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා කිසිදු ගුරුවරියකට තමන් අඳින ඇඳුම පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් නොතිබූ අතර අනවශ්‍ය ගැටලුවක් මේ වනවිට නිර්මාණය කර ඇති බවය. ගුරුවරුන් සඳහා අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතියක් පවතින බවත් එහි කොතැනකවත් සාරි ඇදීම අනවාර්ය බවට සඳහනක් නොවුණද ගුරුවරුන් ලෙස තමන් හැඳ පැළඳිය යුත්තේ කෙසේදැයි මෙරට බහුතරයක් ගුරුවර ගුරුවරියන් දන්නා බවත් ප්‍රතාශ කළේය.

ගුරුවරුන්ට දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලීම කළ රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය එහිදී තවදුරටත් සඳහන් කළේ ආන්ඩුවට යන යම් කුපාඩි පුද්ගලයකු ගරුවරියන්ට අපහාසාත්මකව කර ඇති ප්‍රකාශයක් පිළිබඳව සිය අප්‍රසාදය පළ කළාය. ඇය එහිදි සඳහන් කළේ මෙම පුද්ගලයා පාසල් ගුරුවරියන් සාරිය එපා යයි කියන්නේ පාසල අසළට එන පියටවරු සමඟ යාමේදී එය අපහසු බව පවසා ඇති බවයි.

Ceylon News Factory

Recent Posts

IPL වෙන්දේසියේ කෝටි ගණනකට අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා මෙන්න !

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…

2 hours ago

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ !

පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…

2 hours ago

උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක් !

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…

2 hours ago

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

16 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

16 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago