කිරිපිටි තොගයක් සත්ත්ව ආහාර බවට පත්වෙයි ?

ආනයනය කරන ලද කිරිපිටි තොගයක් පරිභෝජනයට නුසුදුසු වීම හේතුවෙන් සත්ත්ව ආහාර බවට පත්කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.

පසුගිය ජූලි මාසයේදී ආනයනය කළ බහාලුම් 4 ක පවතින කිරිපිටි කිලෝග්‍රෑම් ලක්ෂයක තොගයක් මෙලෙස සත්ත්ව ආහාර බවට පත් කිරීමේ සූදානමක් පවතින බව කිරිපිටි ආනයනකරුවන් පවසයි.

රේගු නිලධාරින් පිරිසක් විසින් එම කන්ටේනර් නිකුත් කිරීම සඳහා කොමිස් මුදලක් ඉල්ලීම හේතුවෙන් එය ලබා නොදීමේ තත්ත්වය තුළ එම නිලධාරීන් කන්ටේනර් මුදාහැරීමට කටයුතු නොකරන බවට චෝදනා එල්ලවෙයි.

එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී ඔහු අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළ අතර එම කිරිපිටි බහාලුම් මුදාහැරීම පිළිබඳ ගැටලුවක් පවතින්නේ නම් එය ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව හරහා විසඳාගත යුතු බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර දේශීය කිරිපිටි සමාගම් වසාදැමීමේ කුමන්ත්‍රණයක් මෙරට ක්‍රියාත්මක වෙමින් පවතින බවට ද කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය චෝදනා කරයි.

ආනයනය කරනු ලබන කිරිපිටි තොග නියමිත පරිදි රේගුවෙන් නිදහස් නොකර ඒවා ජාවාරම්කරුවන් අතට පත් කිරීමේ උත්සාහයක නිලධාරීන් නිරත වෙමින් සිටින බවට ඔවුන් චෝදනා කරයි.

Ceylon News Factory

Recent Posts

කුරුණෑගලින් පාර්ලිමේන්තු යන අය මෙන්න !

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…

4 hours ago

රත්නපුරෙන් පාර්ලිමේන්තු යන අය මෙන්න !

රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…

4 hours ago

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරි​ය​ට වාර්තාගත මනාප සංඛ්‍යාවක් – කොළඹ මනාප ලැයිස්තුව මෙන්න!

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි…

5 hours ago

මඩකලපුවෙන් පාර්ලිමේන්තු යන අය මෙන්න

මඩකලපුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ඉලංකෙයි…

5 hours ago

කෑගල්ලෙන් පාර්ලිමේන්තු යන අය මෙන්න !

කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…

6 hours ago

පුත්තලමෙන් පාර්ලිමේන්තු යන අය මෙන්න !

පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…

6 hours ago