සමගිපුර තට්ටු නිවාසයකින් දරුවකු බිමට විසි කර මිය යයි – විසිකල මාමා මානසික රෝගියෙක් !

කොළඹ ග්‍රෑන්ඩ්පාස් සමගිපුර තට්ටු නිවාස සංකීර්ණයේ තුන්වන මහලේ ජනේලයකින් කුඩා දරුවකු ඉවතට විසි කිරීමෙන් බිමට වැටී මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු එකහමාරක් වන කුඩා පිරිමි දරුවෙක් බවයි.

සිදුවීම සම්බන්ධයෙන් එම දරුවාගේ මවගේ වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇත.

දරුවා නිදා සිටියදී පැමිණ ඇති මෙම සැකකරු නිදා සිටි දරුවා ජනේලයෙන් ඉවතට විසිකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

බිරිදගෙන් වෙන්වී සිටින මෙම පුද්ගලයා මානසික රෝගයෙන් පෙළෙන බවත් ඒ සඳහා ප්‍රතිකාර ගනිමින් සිටින බවද පොලීසිය හෙලි කරගෙන ඇත.

Ceylon News Factory

Recent Posts

හරිනි​ගේ වැඩිම මනාප වාර්තාව පැය කීපයකින් විජිත හේරත් බිඳ දමයි – ලංකා ඉතිහාසයේ මැතිවරණයක අපේක්ෂකයෙකු වැඩිම මනාප ගත් ගම්පහ ලැයිස්තුව මෙන්න!

මීට පැය කීපයකට පෙර කොළඹ දිස්ත්‍රික් ජාතික ජන බලවේග කණ්ඩායම් නායිකා මෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…

2 hours ago

කුරුණෑගලින් පාර්ලිමේන්තු යන අය මෙන්න!

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…

6 hours ago

රත්නපුරෙන් පාර්ලිමේන්තු යන අය මෙන්න!

රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…

6 hours ago

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරි​ය​ට වාර්තාගත මනාප සංඛ්‍යාවක් – කොළඹ මනාප ලැයිස්තුව මෙන්න!

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි…

6 hours ago

මඩකලපුවෙන් පාර්ලිමේන්තු යන අය මෙන්න!

මඩකලපුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ඉලංකෙයි…

7 hours ago

කෑගල්ලෙන් පාර්ලිමේන්තු යන අය මෙන්න!

කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…

8 hours ago