ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරයාමේ අවදානමක් !

ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝග ලක්ෂණ සහිත වෛරස් රෝගයක් මේ දිනවල දිවයින පුරා පැතිරයමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, කොවිඩ් රෝගය හා සැසදීමේ දී මෙම රෝගයෙන් සංකූලතා ඇති වීම සාපේක්ෂාව අවම බවය.

සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ වැනි රෝග ලක්ෂණ සහිත මෙම රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝවීමේ අවදානමක් ද පවතින බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

“මේ දවස්වල ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝග ලක්ෂණ සහිත රෝගයක් පැතිර යනවා. මේක කොවිඩ් වගේම කැස්ස, හෙම්බිරිසාවෙන් පටන්ගෙන සමහරවිට ඉතා කලාතුරකින් නිව්මෝනියාව දක්වා වැඩිවෙන්න පුළුවන්. කොවිඩ් රෝගයට සාපේක්ෂව සංකූලතා ඇති වෙන්න තියෙන ඉඩ අඩුයි. නමුත් එන්නේ නෑ කියන්න බෑ. එම නිසාම කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වුණ විදියටම ඒ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා නම් මෙම රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. මුව ආවරණ පැලඳීම හා අත් නිතර පිරිසිදු කරගැනීම වැනි ක්‍රමවේද හරහා මේ රෝගය අවම කරගන්න පුළුවන්.”

රෝගී තත්ත්වය උත්සන්න වීමක් සිදුවන්නේ නම් පමණක් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සිදුකළ යුතු බව වි‍ශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

“මේ වගේ එකක දී ප්‍රධානම දේ තමා අන් අයට බෝවීම වළක්වා ගැනීම. මොකද වැඩි දෙනෙකුට කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නේ නෑ. උණුවතුර බීලා සාම්ප්‍රදායක දේවල් පානය කරලා විවේකයෙන් ඉන්නවා නම් අමුතු ඖෂධයක් අවශ්‍ය නෑ. උණ නම් පැරසිටමෝල් භාවිත කරන්න පුළුවන්. උහුලගන්න බැරි නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.”

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago