පසුගිය ඔක්තොබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග(සංශෝධන) යන පනත් කෙටුම්පත අද (23) සිට 2022 අංක 41 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග(සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
ඒ, අදාළ පනත් කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (23) සිය සහතිකය සටහන් කිරීමත් සමගයි.
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමතිවරයා විසින් සැප්තැම්බර් මස 9 වැනි දින විෂ වර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥා පනත සංශෝධනය කිරීම සඳහා උක්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
විෂ වර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥා පනත මගින් විෂ වර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ සම්බන්ධ නීතිය සංශෝධනය කෙරේ. මත්ද්‍රව්‍ය ගෙන්වීම ළඟ තබා ගැනීම සහ භාවිත කිරීම සම්බන්ධයෙන් කාලීනව ඇතිවන අවශ්‍යතාවයන් මත පවතින නීතිය යාවත්කාලීන කිරීම සහ ශක්තිමත් කිරීම මෙම පනත සංශෝධනය කිරීමෙන් අපේක්ෂා කෙරේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…