ඉදිරි පැය 48 ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

දකුණු-මධ්‍යම බෙන්ගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, උතුරු අක්ෂාංශ 10.0 සහ නැගෙනහිර දේශාංශ 85.5 ආශ්‍රිතව, යාපනයේ සිට කිලෝමීටර් 600ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුලදී, තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ලඟා වීමේ වැඩි හැකියාවක් පවතින බවද එහි දැක්වෙනවා.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලවිටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් ඌව පළාතේ ස්ථාන ස්වල්පයක හවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන් වෙනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago