ඉන්ධන මිල තීරණය යළි වෙනස් වෙයි !

ඉන්ධන මිල සංශෝධනය මසකට වරක් සිදුකිරීමට අපේක්ෂා කරන බව දුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ පිළිබඳ වන යෝජනාව සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා ඊයේ (19) අනාවරණ කළේ.

ඒ ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වන සංවත්සරයට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසූවේ,

“මිල සූත්‍රය අපි කිව්වා 15 වැනිදා. එහෙම වුණාම සමහර විට ඔබතුමන්ලාට ආර්ථික අවාසියක් සිදුවන නිසා සමහරවිට 14 වැනිදා වනවිට 13 වැනිදා වන විට ඇනවුම් නොකර සිටියා. ඒ නිසා අපි දැන් තීන්දුවක් ගත්තා මාසිකව තමයි එක සිදුකරන්නේ. ඒ පිළිබඳ යෝජනාව සඳුදා කැබිනට්ටුවට එනවා. අපි අනිවාර්යයෙන්ම මධ්‍යම රාත්‍රි 12 පස්සේ, එක පැය කිහිපයකට පෙර වැඩි වුණත් අඩු වුණත් ඔබට එක දැනුම්දෙනවා. එම නව ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න තමයි අපි එළඹෙන මාසේ ඉදලා බලාපොරොත්තු වන්නේ.”

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

13 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

14 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago