රටේම රුධිර පාරවිලයන ක්‍රියාවලිය බිඳවැටීමේ අවදානමක් !

රුධිර පාරවිලයනයේ දී රෝගියාට ලබා දෙන රුධිරයේ එච්.අයි.වී, සිපිලිස්, මැලේරියාව, හෙපටයිටීස් බී සහ සී , රෝගකාරක විසබීජයන් පවතින්නේද යන්න පිලිබදව පරික්ෂා කරන එලයිසා (ELISA) රුධිර පරික්ෂාව සඳහා සැපයුම්කරු සති‌යෙන් සතිය ලබාදෙන ප්‍රතික්‍රියක මත යැපෙන්නට සිදුවී ඇති බවත්, ඔහු එක් සතියක හෝ උක්ත ප්‍රතික්‍රියක සැපයීමට අපොහොසත් වුවහොත් ඒ මොහොතේ සිට රටේ සියලුම රුධිර පාවිලයන ක්‍රියාවලිය නැවතෙන බවත් රුධිරපාරවිලයන මධ්‍යස්ථාන ආරංචි මාර්ග සදහන් කරයි .
එලයිසා (ELISA) රුධිර පරීක්ෂාව සිදු නොකර කිසිම රෝගියෙකුට රුධිරය ලබා නොදෙන බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙම රුධිර පරීක්ෂාව සඳහා ප්‍රතික්‍රියක සපයන සැපයුම්කරුට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබා දීමට නියමිත හිඟ ණය මුදල ලබා නොදීම හේතුවෙන් ප්‍රතික්‍රීයක සැපයීම නතර කිරීමට තීරණය කළබව වාර්තා විය.

එහෙත් අනතුරුව ඔහුට ගෙවිය යුතු මිලියන ගණනක ණය මුදල ගෙවනතුරු සතියෙන් සතිය මුදල් දී එම සතියට අවශ්‍ය ප්‍රතික්‍රියක ලබා ගැනීමට පියවර ගෙන තිබේ.

යම් හේතුවකින් එක සතියක්හෝ මුදල් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යංශය නොහැකි වුවහොත් එම සතියට අවශ්‍ය ප්‍රතික්‍රීයක නොලැබෙනු ඇතැයි ද ඒ මොහොතේ රටේ සියලුම රුධිර පාරවිලයන ක්‍රියාවලිය නවතිනු ඇතැයි ද රුධිරපාරවිලයන මධ්‍යස්ථාන ආරංචි මාර්ග හෙළි කළේය.

Ceylon News Factory

Recent Posts

අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි !

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින…

9 minutes ago

IPL වෙන්දේසියේ කෝටි ගණනකට අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා මෙන්න !

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…

4 hours ago

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ !

පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…

4 hours ago

උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක් !

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…

5 hours ago

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

18 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

18 hours ago