ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාරගත කර සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් වු විශේෂ සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
එම සාකච්ඡාව සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරුන් එක්ව සිටි බව අධිකරණ අමාත්‍යංශය පැවසුවේය.
මෙම පනත යටතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිළිබඳව මේ වන විට සිදුකර ඇති විමර්ශන, ඔවුන් බන්ධනාගාර ගතව සිටි කාලය හා නිදහස් කිරීම සම්බන්ධව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුව ඇත.
ඊට අදාළව සිර දඬුවම් නියමකර සිටින සිරකරුවන් මෙන්ම නිදහස් කර ඇති සිරකරුවන් සම්බන්ධව ද මෙම සාකච්ඡාවට එක්වු අමාත්‍යංශ බලධාරීන් අමාත්‍යවරුන් වෙත කරුණු පැහැදිලි කළ බව අධිකරණ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…
පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…