එයාර්බස් ගනුදෙනුවෙන් ශ්‍රී ලංකන් සමාගමට දැවැන්ත පාඩුවක් !

ශ්‍රි ලංකන් ගුවන් සමාගම විසින් A 350-900 ගුවන් යානා 04ක් බදු පදනම මත ලබා ගැනිම සදහා වු බදු ගිවිසුම අවලංගු කිරිමේ ක්‍රියාවලියේදී රුපියල් මිලියන 16,924,36ක අලාභයක් ගුවන් සාමගමට සිදුවී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ශ්‍රි ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වෙනවා.

කෙසේවුවද මෙම ගණුදෙනුවට අදාළව එවකට ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරිදට අයත් සමාගමකට ගෙවිම් කිරිමට එයාර්බස් සේවකයින් එකගවි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

මේ බව එක්සත් රාජධානියේ ක්‍රවන් උසාවියේ තින්දුවෙන් ද අනාවරණය වි තිබුණා.

මේ නිසා නිති උපදෙස් මත පදනම්ව ශ්‍රි ලංකන් ගුවන් සමාගම විසින් එස්.ඒ.එස්. එයාර්බස් සමාගමෙන් A 350-900 ගුවන්යානා මිලදි ගැනිමේ ගිවිසුම අවසන් කර තිබුණා.

ශ්‍රි ලංකන් ගුවන් සමාගම විසින් එස්.ඒ.එස්. එයාර්බස් සමාගම සමඟ ගුවන් යානා මිලදී ගැනිම සදහා ගිවිසුම්ගතව තිබු අතර .2016/2017 යන වර්ෂයන් වලදි මෙම ගුවන් යනා ලබාදිමට නියමිතව තිබුණා.

පෙර ගෙවුම් ලෙස එස්.ඒ.එස්. එයාර්බස් සමාගම වෙත ගුවන්යානා ගණුදෙනුව සදහා රුපියල් මිලියන 16,924,36ක මුදල ගෙවා තිබුණා.

ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට එරෙහිව, සමාගම විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබු අතර අලාභය අය කර ගැනිමට කටයුතු කර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

මේ නිසා සමාගමට සිදුවු අලාභය අයකරගැනිමට එයාර්බස් සමාගමට සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බව විගණනය මගින් නිර්දේශ කොට තිබෙනවා.

මේ අතර 2020/2021 යන වර්ෂවල ලැබිමට නියමිත ව තිබු A 350-900 මෙම ගුවන්යානා 04 වෙනුවට A 321 නියෝ සහ A 330 නියෝ ගුවන් යානා මිලදි ගැනිමට සමාගම හා එස්.ඒ.එස්.එයාර්බස් සමාගම අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබුණා.

මෙම වර්ෂයේ ඔක්තෝබර් මස 03වැනිදින වනවිට ගුවන් යානා ලබා ගැනිමේ පෙර ගෙවුම් ලෙස රුපියල් මිලියන 2528.12ක ( ඇමරිකානු ඩොලර් මිලියන 19.21) මෙම සමාගම වෙත ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

ගුවන් සමාගමේ කළමණාකාරිත්වය විසින් මේ පිළිබද විගණනයට සදහන් කොට ඇත්තේ එයාර්බස් සමාගමේ සේවකයින් විසින් ශ්‍රි ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරිදට අයත් සමාගමකට, ගුවන් යානා මිලදි ගැනිමේ ගනුදෙනුවට බලපැම් සිදුකිරිම සදහා ගෙවිම් කිරිමට එකග වි තිබු බවයි.

ඒ අනුව ශ්‍රි ලංකන් ගුවන් සමාගමට A 330-300 ගුවන් යානා 06ක්,A 300-350, ගුවන් යානා 04ක්, මිලදි ගැනිමට හා A 350-900 ගුවන්යානා 04 ක් කුලිපදනම මත ලබා ගැනිමේ ගනුදෙනුවට බලපැම් සිදුකිරිම සදහා ගෙවිම් කිරිමට එකග වි තිබු බවයි.

එක්සත් රාජධානියේ සුපිරි අධිකරණය මගින් බරපතල වංචා කාර්යාලය හා එස්.ඒ.එස් එයාර්බස් සමාගම අතර ඇති කරගෙන තිබු ගිවිසුම අනුමත කරමින් ලබාදෙනු ලැබු තින්දුව මගින් මෙම කරුණු අනාවරණය වි ඇති බවයි.

එමෙන්ම ගුවන් සමාගම විසින් එයාර්බස්, එස්.ඒ.එස් හා එයාර්බස් එස් ඊ වෙත ගුවන් යානා ලබා ගැනිමේ පෙර ගෙවිම පොලිය සමග ආපසු ලබාදෙන ලෙස ඉල්ලා එන්තරවාසියක් යවා තිබෙනවා.

මෙකි ගුවන් යානා මිලදි ගැනිම සදහා ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව තින්දුකොට තිබුණා.

එමෙන්ම ඒ සදහා විදිමත් පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයක්ද සිදුකර නොතිබුණා.

Ceylon News Factory

View Comments

  • All these fellows are front men for Rajapakses. They should have taken their cut from this bribe taker

Recent Posts

අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි !

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින…

36 minutes ago

IPL වෙන්දේසියේ කෝටි ගණනකට අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා මෙන්න !

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…

5 hours ago

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ !

පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…

5 hours ago

උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක් !

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…

5 hours ago

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

19 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

19 hours ago