හෙරොයින් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහර දී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් හය දෙනෙකු අනුරාධපුර පුබුදුපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (16) දහවල් පුබුදුපුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 220ක් සමඟ සැකකරුවන් සිවු දෙනෙකු අත් අඩංගුවට ගත් බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසිය වෙත රැගෙන යාමට සුදානම් වන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි අදාළ සැකකරුවන්ගේ ඥාතී කාන්තාවන් හය දෙනෙකු පොලිස් නිලධාරීන් වෙත ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එහි දී තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බව යි වාර්තා වන්නේ.
පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර අඩත්තේට්ටම් කිරීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම සහ ගල්වලින් පහර දී තුවාල සිදු කිරීම යන වැරදි සම්බන්ධයෙන් අදාළ කාන්තාවන් හය දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…