ඇමරිකාව ශ්‍රී ලංකා සමාජය පොහොසත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
කොළඹ ඊයේ (16) පැවති එක්සත් ජනපද ශ්‍රි ලංකා ෆුල්බ්‍රයිට් කොමිසමේ 70 වැනි සංවත්සරයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් ද එක්ව සිටියා.
මෙහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේ මෙරට කෘෂිකර්මාන්තය නවීකරණය සඳහා කැලිෆෝනියා විශ්ව විද්‍යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බවයි.
ආහාර සපයා ගැනීමට අවශ්‍යකරන සම්පත් නැමැති දූපත් රාජ්‍යයන්ට සහ මැදපෙරදිග රටවල්වලට ආහාර සැපයීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සිංගප්පූරු ආයෝජකයින් සමඟ සාකච්ඡා කරන බවද ඔහු එහිදී අවධාරණය කළා.
ඉදිරි වසර 10 තුළ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය වැඩිදියුණු කිරීම කෙරෙහි රජයේ වැඩි අවධානයක් යොමුව ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි දී වැඩිදුරටත් සඳහන් කළේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…