ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය වැඩි දියුණු කරන බව ජනපති කියයි

179 Views
1 Min Read

ඇමරිකාව ශ්‍රී ලංකා සමාජය පොහොසත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (16) පැවති එක්සත් ජනපද ශ්‍රි ලංකා ෆුල්බ්‍රයිට් කොමිසමේ 70 වැනි සංවත්සරයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් ද එක්ව සිටියා.

මෙහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේ මෙරට කෘෂිකර්මාන්තය නවීකරණය සඳහා කැලිෆෝනියා විශ්ව විද්‍යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බවයි.

ආහාර සපයා ගැනීමට අවශ්‍යකරන සම්පත් නැමැති දූපත් රාජ්‍යයන්ට සහ මැදපෙරදිග රටවල්වලට ආහාර සැපයීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සිංගප්පූරු ආයෝජකයින් සමඟ සාකච්ඡා කරන බවද ඔහු එහිදී අවධාරණය කළා.

ඉදිරි වසර 10 තුළ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය වැඩිදියුණු කිරීම කෙරෙහි රජයේ වැඩි අවධානයක් යොමුව ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

Share This Article
Leave a comment