අරගලය පැවතිදා ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාසවල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ඇතුළු දේපළවලට සිදුවූ අලාභය රුපියල් හැත්තෑ හත් කෝටි හැටපන් ලක්ෂ හැට හත්දහසක් බව රජයේ තක්සේරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී.දොලවත්ත, ගීතා කුමාරසිංහ, ජයන්ත කැටගොඩ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, ජගත් කුමාර, සීතා අරඹේපොළ, රෝහිත අබේගුණවර්ධන හා ගාමිණී ලොකුගේ යන අයගේ නිවාස සහ දේපළවලට එලෙස අලාභ හානි සිදු වී තිබෙනවා.
නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ නිවාස නමයක් ඇතුළු දේපළ මෙන් ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ නිවාස හතරක් ඇතුළු දේපළවලට එම අලාභය සිදු වී ඇතැයි ගණන් බලා තිබෙනවා.
අලාභානි වූ දේ අතර දේපළ වාහන රැසක් ද වෙනවා.
වැඩි ම අලාභය පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ දේපළවලටයි.
එය රුපියල් කෝටි 46ක්.
අනතුරුව දෙවන වැඩි ම අලාභය ලෙස ගණන් බලා ඇත්තේ සීතා අරඹේපොළ මහත්මියගේ තලංගම නිවස ඇතුළු දේපළවලට සිදුවූ අලාභයි.
එය දාහතර කෝටි හාරලක්ෂ අසූ හය දහසක්.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසට සහ දේපලවලට සිදුවූ අලාභය මෙතෙක් ගණන් බලා නැතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
එම මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර තිබූ තක්සේරු වාර්තාවල මෙම මුදලට වඩා දෙතුන් ගුණයක් සඳහන්ව තිබී ඇතැයි වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
මුන්ගේ ගෙවල් වලට වඩා රටට වෙච්චි පාඩුව හිතා ගන්න බෑ.. ඒක මිල කරන්න බෑ...