මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට මරණ තර්ජන එල්ලකර ඇති බව වාර්තා වෙයි.
ඔහුගේ බිරිඳ ඔහු සමග ඇතිවූ අමනාපයක් හේතුවෙන් දිවයිනෙන් පළායෑමට උත්සාහ කරන බවට ආරංචිවීමත් සමග පොඩි ලැසී ඔහුගේ සමීපතමයෙකු වන ගනේමුල්ලේ සංජීව හා ඔහුගේ ප්‍රධානතම ගෝලයෙකු වන ඩුබායිහි සැඟව සිටින කලන නමැත්තා හරහා ඇයට මරණ තර්ජන සිදුකර තිබේ.
ඒ අනුව ඔවුන් පවසා ඇත්තේ, තම දරුවා සමගින් දිවයිනෙන් පෙළාගියහොත් බිරිඳගේ පවුලේ ඥාතීන් හතර පස්දෙදෙනකු ඝාතනය කරන බවය.
පසුගිය ඔක්තෝබර් මාසයේදී පොඩි ලැසීගේ මවගේ උපන්දින සාදය උත්සවාකාරයෙන් අම්බලන්ගොඩ ප්‍රධාන පෙළේ හෝටලයකදී පවත්වා තිබුණි.
එහි වියදම් පොඩි ලැසී විසින් දරා ඇති අතර රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් ඒ සඳහා වියදම් කර ඇති බවද වාර්තා වෙයි.
එමෙන්ම ඇයගේ උපන්දින ත්‍යාගය ලෙස පවුම් 15ක පමණ රන් මාලයක් ද ලැසී විසින් ලබාදී ඇති බවද පැවසෙයි.
මෙහිදී ඔහුගේ මව විසින් පොඩිලැසී එවන ලද ලිපියක් ද කියවා ඇති අතර එමගින් ඔහු පවසා ඇත්තේ මෙම සාදයේ සිටින පිරිස ඔහුගේ විශ්වාසවන්තයින් බවය.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින…
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…
පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…