අල්- කයිඩා සංවිධානයට මූල්‍ය ආධාර ලබා දීමේ චෝදනාව මත ඇමරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් වත්කම් තහනම් කර වෙළෙඳ ගනුදෙනු සඳහා සම්බාධක පැනවූ බේරුවල පදිංචි ව්‍යාපාරිකයා වන මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හරීස් නිසාර් පාස්කු ප්‍රහාරයේ සැලසුම්කරුවෙක් මෙන්ම මරාගෙන මැරෙන ප්‍රහාරකයෙක් වූ ඉන්සාෆ් අහමඩ් ගේ ව්‍යාපාරික සගයෙක් බව ත්‍රස්ත මර්ධන ඒකකය විසින් මින් පෙර අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.
වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ හිමිකරු වූ කෝටිපති ව්‍යාපාරික ඉන්ෂාෆ් අහමඩ් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියෙකි.
මෙම ත්‍රස්තවාදියා සහ බේරුවල ව්‍යාපාරිකයා අතර ඇති ගනුදෙනුවල ස්වරූපය මින් පෙර පාස්කු ප්‍රහාර විමර්ශයකයින් විසින් ද හෙළි කරගෙන තිබූ බවත් ඒ ස්බන්ධව ඇමරිකා එක්සත් ජනපදයෙන් ද සහාය ලැබී තිබුණු බවත් එම විමර්ශන අංශ හෙළි කළේය.
මේ තත්ත්වය තුළ මෙම ව්‍යාපාරිකයා සම්බන්ධව අලුතින් විමර්ශනයක් මේ රට තුළ ආරම්භ කිරීමට අවශ්‍ය නොවන බව පවසන විමර්ශන අංශ ඔහු සම්බන්ධව වෙනම විමර්ශන ගොනුවක් නඩත්තු වෙමින් පවතින බව පවසයි.
මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හාරිස් නිසාර් නැමැති 51 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා දීර්ඝ කාලයක් අල්-කයිඩා සංවිධානය සමග සබඳතා පවත්වා ඇති අයෙක් බව හඳුනාගෙන තිබේ.
මෙරට නැගෙනහිර පලාත කේන්ද්‍ර කරගෙන ඔහුගේ ව්‍යාපාර දියත් වී තිබිණි.
අල්කයිඩා සංවිධානය වෙනුවෙන් මූල්‍ය පහසුකම් සලසන්නෙකු ලෙස නම් කරන ලද අහ්මඩ් ලුක්මාන් තලිබ් නැමැත්තා සමග සමීප ව්‍යාපාර ගනුදෙනු පවත්වා ඇති මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හරීස් නිසාර් 2018 අවසන් භාගයේ සිට තලිබ්ගේ ව්‍යාපාරික සගයෙක් ලෙස කටයුතු කර ඇත.
බේරුවල ව්‍යාපාරික මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හරීස් නිසාර් තලිබ්ගේ නැදෑයෙකු ද වේ.