පොලිස් කොස්තාපල්වරියන්ගේ බෙල්ලෙන් ඇල්ලූ පොලිස් ලොක්කට වැඩවරදින ලකුණු !

පානදුර දකුණ මුලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ, පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා වෙත අදාළ නියෝගය ලබාදුන් බවය.

ඊයේ (12) සවස පානදුර, පල්ලියමුල්ල ප්‍රදේශයේ දී පෙළපාලියක ගමන්ගත් කාන්තාවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල වීඩියෝ දර්ශන පළ වී තිබුණි.

එම අවස්ථාවේ දී පානදුර දකුණ මුලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, පොලිස් කොස්තාපල්වරියන්ගේ ගෙලෙන් අල්ලා තල්ලු කර දමන අයුරු කැමරාවේ සටහන්ව ඇත.

අදාළ පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව සිදුකරන විමර්ශනවලදී කාන්තා පොලිස් නිලධාරීන්ට යම් අකටයුත්තක් සිදුව ඇතැයි අනාවරණය වුවහොත් ඒ සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් ලබාදෙන නිර්දේශ අනුව තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

Ceylon News Factory

View Comments

Recent Posts

අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි !

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින…

1 hour ago

IPL වෙන්දේසියේ කෝටි ගණනකට අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා මෙන්න !

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…

6 hours ago

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ !

පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…

6 hours ago

උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක් !

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…

6 hours ago

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

19 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

20 hours ago