අද උදෑසන සූරියවැව මහවැලිකඩ ආර ප්‍රදේශයේ දී ඔරුවක් පෙරළීමෙන් දැරියන් තිදෙනෙකු අතුරුදන්ව තිබෙන බව වාර්තා වනවා.
බෝට්ටුව පෙරළෙන අවස්ථාවේ එහි පුද්ගලයින් අට දෙනෙකු සිට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ.
මේ වනවිට අතුරුදන් වී ඇත්තේ 18, 17 සහ 10 යන වයස්වල පසුවූ ගැහැණු දරුවන් තිදෙනෙක්.
මාස අටක් වයසැති බිළිඳෙකු ඇතුළු ඉතිරි පස් දෙනා ප්‍රදේශවාසීන් විසින් බේරා ගැනීමෙන් පසු රෝහල් ගත කර ඇති අතර අතුරුදන් වූ දැරියන් සොයා නාවික හමුදාව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
දියේ ගිලී බේරාගත් මාස 8ක බිලිඳාගේ තත්ත්වය බරපතළ නොවන බවට වාර්තා වෙන බව පොලීසිය පවසයි.
මෙම පිරිස කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවත් ඥාතියෙකුගේ උත්සවයක් සඳහා මෙම ප්‍රදේශයට පැමිණ සිට ඇති බවටත් පොලීසිය පවසයි.
මසුන් ඇල්ලීම සඳහා භාවිත කරන කුඩා ඔරුවක පුද්ගලයින් 08 දෙනෙකු ගමන් කිරීම නිසා මෙම අනතුර සිදුවූ බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
ඔරුව පෙරළීගොස් ඇත්තේ වැව මැදදී බවද පොලීසිය සඳහන් කළේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…