ධීවර වෘත්තීය සමිතිවලින් ආණ්ඩුවට චෝදනාවක් !

සහනයක් ලබා නොදී භූමිතෙල් මිල ඉහළ දැමීම පිටුපස සුළු පන්න ධීවර කර්මාන්තය අඩපණ කිරීමේ අරමුණින් ආණ්ඩුව ක්‍රියා කරන්නේ දැයි සැකයක් පවතින බව ධීවර වෘත්තීය සමිති පවසනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 25 කින් ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී. සමාගම පියවර ගත්තා.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 430 කටත්ල භූමිතෙල් ලීටරයක් රුපියල් 365 කටත් මේ වනවිට අලෙවි වනවා.

අනෙකුත් ඉන්ධනවල මිල ගණන් සංශෝධනය කර නොමැති අතරල ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ මෙම මාසය තුළදී යළිත් ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බවයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් පහත වැටෙමින් පවතිද්දීත්ල ඊට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් අඩු නොකරන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවේදී විෂය භාර අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක කියා සිටියේ ඩීසල් සහ භූමිතෙල් අලෙවියෙන් රජය පාඩු විඳිමින් සිටින බවයි.

එලෙස රුපියල් 22 ක පාඩුවක් විඳින බව පැවසූ භූමිතෙල්වල මිල මෙවර රුපියල් 25 කින් ඉහළ දැමුවත්ල රට පුරා තවමත් භූමිතෙල් හිඟයක්ද පවතිනවා.

ධීවර ජනතාව පෙන්වා දෙන්නේ භූමිතෙල් මිල ඉහළ නැංවීමත් සමඟ අපහසුතා රැසක් මධ්‍යයේ කරගෙන ගිය ධීවර වෘත්තීයේ නියැලීම තවදුරටත් දුෂ්කර වී ඇති බවයි.

භූමිතෙල් මිල ඉහළ දැමීමට පියවර ගැනීමත් සමඟ ධීවර ජනතාව කර්මාන්තයෙන් ඉවත් කිරීමේ සැලසුමක් රජයට පවතින්නේ දැයි සැකයක් පවතින බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරුණ රොෂාන්ත කියා සිටියි.

මේ අතර ඩීසල් මිල ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

කෙසේ වෙතත්ල බස් රථ සේවකයින්ල සාමාන්‍ය ජනතාව සහ විවිධ කර්මාන්තවල නිරත පිරිස් පෙන්වා දෙන්නේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමඟ තමන් තවදුරටත් අපහසුතාවලට මුහුණපාන බවයි.

මේ අතරල දින 55 කට ආසන්න කාලයක් තිස්සේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බොරතෙල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවකට මුදල් නොගෙවා මුහුදේ රඳවාගෙන සිටින බවට වරාය වෘත්තීය සමිති චෝදනා කරනවා.

වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ කියා සිටියේ අදාළ නෞකාවට මේ වනවිට ප්‍රමාද ගාස්තු වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 7.9 ක් පමණ ගෙවීමට සිදුව ඇති බවයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago