එජාපයේ ප්‍රබලයෙක්ට පොලීසියේ ලොකු පුටුවක් !

යහ පාලන සමයේ දී එක්සත් ජාතික පක්ෂයේ මහර ආසන සංවිධායකවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දේශපාලන ගමනට විශාල ශක්තියක් ලබා දුන් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි බස්නාහිර පළාත් අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

ප්‍රිශාන්ත ජයකොඩි මධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරන්නේ පොලිස්පති එන්.කේ ඉලංගකෝන් ගේ සමයේ දීය. වර්ෂ 2011 -12 දී ඔහු දෙවරක් එම තනතුර දැරුවේය. එවකට ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකි.

අනතුරුව ප්‍රිශාන්ත ජයකොඩි රත්නපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කරන අතර මරණ තර්ජන ඇති බව පවසමින් රටින් පලාගොස් ඔස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණය ලබාගෙන සිටියේය.

පුද්ගලික සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ප්‍රිශාන්ත ජයකොඩි යළි ලංකාවට නොපැමිණ එසේ දේශපාලන රැකවරණය ඉල්ලා තිබිණි.

2013 අගොස්තු මාසයේ දී එවකට පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි සේවය හැර ගියා සේ සලකන බව පොලිස් ආරංචි දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

යහපාලන ආණ්ඩුව සමයේ යළිත් පැමිණි ඔහු සම්බන්ධවන්නට උත්සාහ කළේ පොලිස් සේවයට නොව, දේශපාලනයටය. එක්සත් ජාතික පක්ෂයේ මහර ආසන සංවිධායක ලෙස ඔහු එවකට අගමැති රනිල් වික්‍රමසිංහගෙන් පත්වීම භාර ගත්තේය.

නමුත් එජාප මහර ආසන සංවිධායක ලෙස කටයුතු කරමින් දේශපාලනය කර මහ මැතිවරණයට තරග වැදී ඡන්දය පැරදුන පසු දේශපාලන පලිගැනීම් ලයිස්තුව යටතේ යළි පොලිස් සේවය ලබාගැනීමට ප්‍රිශාන්ත ජයකොඩිට හැකි විය.

අනතුරුව ලබා ගත හැකි උසස් වීම් සියල්ල ලබාගෙන දැනට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් දක්වා උසස් වීම් ලබාගෙන සිටියත් පොදු පෙරමුණු රජය යටතේ නොසලකා හැර සිටි ප්‍රිශාන්ත ජයකොඩි නැවත රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමෙන් අනතුරුව මෙසේ යළිත් කරලියට පැමිණ ඇති බව පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.

Ceylon News Factory

Recent Posts

රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙන්න !

2024 මහමැතිවරණයේ රත්නපුර තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජනබලවේගය 24776 සමගි…

7 hours ago

පළමු ඡන්ද ප්‍රතිඵලය මෙන්න – ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය !

2024 මහමැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජනබලවේගය 32,296…

7 hours ago

මැතිවරණ රාජකාරිවල හිටපු පොලිස් නිලධාරියෙක් ඇතුළු නිලධාරීන් තිදෙනෙක් හදිසියේ මියයයි !

මැතිවරණ රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු සහ වෙනත් සිවිල් නිලධාරීන් දෙදෙනකු හදිසි රෝගාබාධ තත්වයන්…

12 hours ago

පැය දෙකක් තිස්සේ වැරදි ඇඟිල්ල පාට කරලා – ඡන්ද දාකයකයන්ගෙන් දැඩි විරෝධයක් !

වවුනියාවේ වෙලිකුලම විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය විමසන ලද මුල් පැය දෙක ඇතුළතදී ඡන්ද…

13 hours ago

දඹානේ ආදිවාසී ප්‍රජාව ජන්ද​ය වර්ජනය කරති – රජයෙන් පූර්ණ පරීක්ෂණයක් ඉල්ලති!

දඹානේ ආදිවාසී ප්‍රජාව පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම වර්ජනය කර තිබේ. මේ අතර තමන්ගේ…

14 hours ago

දුම්රිය ගමන්වාර 10ක් අවලංගුයි – හේතුව මෙන්න !

දුම්රිය රියදුරන් සහ රිය සහයකයන් නොමැති වීම හේතුවෙන් අද දින ධාවනය වීමට නියමිතය තිබූ දුම්රිය…

18 hours ago