5හේ දරුවන්ට අමානුෂික වධදුන් හුංගමුව පාසලේ විදුහල්පතිනිය, නියෝජ්‍ය විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට !

බණ්ඩාරගම හුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් තිදෙනකු විදුහලෙන් පිටතට රැගෙන ගොස් පහරදී විදුලි සැර (කරන්ට්) වැදීමට සලස්වන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම විදුහලේ විදුහල්පතිනිය, නියෝජ්‍ය විදුහල්පතිවරිය සහ පොලිස් නිලධාරීහු තිදෙනෙක් ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙම පස් දෙනා අධිකාරියෙන් කෙරුණු දැනුම්දීමක් අනුව ඒ ආයතනය හමුවේ ඊයේ (08) පෙරවරුවේ පෙනී සිටියහ. එහිදීඔවුන්ගෙන් පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව මෙලෙස අත්අඩංගුවට ගැනුණු බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා පැවසීය.

පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

නියෝජ්‍ය විදුහල්පතිවරිය සහ පොලිස් ජිප් රථයේ රියදුරු (පොලිස් කොස්තාපල්) ඇප මත මුදා හැරුණු බවද අධිකාරිය සඳහන් කරයි.

දරුවන්ට පහරදීම සිදුකර ඇතැයි පැවසෙන්නේ පසුගිය 2 වැනිදා බදාදා ය.

ගුරුවරියකගේ මුදල් පසුම්බියක් නැතිවී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විදුහලේ පස්වැනි වසරේ දරුවන් දොළොස් දෙනෙකු එහි පුස්තකාල කාමරයට දමා පහරදී තිබෙනවා.

පසුව විදුහල්පතිනියගේ දැණුම් දීම මත පැමිණි මිල්ලනිය පොලිසියේ පොලිස් නිලධාරීන් තිදෙනකු විසින් ඉන් දරුවන් තිදෙනකු පොලිස් ජීප් රථයක නංවාගෙන කිසියම් ස්ථානයකට රැගෙන ගොස් පහරදී විදුලිය වැදීමට සලස්වනු ලැබ තිබිණැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය කළ මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ දරුවෝ තිදෙනෙක් පසුව රෝහල් ගත කරනු ලැබූහ.

සිද්ධිය පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ඡ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතාගේ උපදෙස් මත එහි විශේෂ විමර්ශන නිලධාරීහු කණ්ඩායමක්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු කණ්ඩායමක්ද පරීක්ෂණ පවත්වති.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago