ධනුෂ්කට ඇපත් නැහැ – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක් !

ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර රෝස් බේ හි නිවසක දී 29 හැවිරිදි තරුණියකට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාව ඇතුළු තවත් ලිංගික චෝදනා 04කට එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ඊයේ (05) දිනයේ දී සසෙක්ස් වීදියේ හෝටලයක රැඳී සිටියදී 31 හැවිරිදි මෙම ක්‍රීඩකයා අත් අඩංගුවට ගැනුණු අතර, ඔහු අද Sydney City පොලිසිය විසින් පැරමැට්ටා අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

එහිදියි චෝදනා සම්බන්ධයෙන් සලකා බැලූ විනිසුරුවරයා සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත්තේ. Dating App හරහා මිතුරු වෙමින් දින කිහිපයක සිට දුරකතන සංවාදයේ යෙදීමෙන් අනතුරුවයි සිද්ධියට භාජනය වු තැනැත්තියව ධනුෂ්ක ගුණතිලක හමු වී ඇත්තේ.

එහිදියි සැකකරු විසින් මෙම තරුණියට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කර ඇති බවට ඇය විසින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

මේ වනවිට ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ඔස්ට්‍රෙලියානු රාජ්‍ය අපරාධ විධානයේ ලිංගික අපරාධ අංශයේ සහ නැගෙනහිර පොලිස් ප්‍රදේශ විධානයේ රහස් පරීක්ෂකයින් විසින් ද ඒකාබද්ධ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීමේ සත්‍යතාව තහවුරු කර තිබෙනවා.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් සිඩ්නි අධිකරණය විසින් ගනු ලබන තීරණ සහ නියෝග දෙස දැඩි අවධානයෙන් පසුවන බවත්, ධනුෂ්ක ගුණතිලක වැරදිකරු වුවහොත් ICC හා එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

Media-Release-SLCM202287-Danushka-Gunathilaka

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago