ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක් (VIDEO)

පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නැගෙනහිර ලාහෝර් නගරයේ විරෝධතා පාගමනක් අතරතුර වෙඩි ප්‍රහාරයකට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන් ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.

තුවාල ලැබූ හිටපු අගමැතිවරයා ලාහෝර්හි රෝහලකට රැගෙනගොස් තිබෙන අතර ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති නමුත් කිසිවෙකු මිය ගොස් නොමැති බවයි

එරට මාධ්‍ය වාර්තා කරන්නේ වෙඩි තැබීමට සම්බන්ධ සියලු දෙනා ළඟදීම නීතිය හමුවට පමුණුවන බව පාකිස්ථාන ඇමතිවරයෙකු අවධාරණය කළේය.මේ අතර ඇතැම් වාර්තාවලට අනුව වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබෙනවා.

හිටපු අගමැති ඉම්රාන් ඛාන් කඩිනමින් මැතිවරණයක් ඉල්ලා මෙලෙස විරෝධතාවයට එක්වී ඇති අතර ඔහුව ඝාතනය කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි ඔහුගේ PTI පක්ෂ සමාජිකයින් සඳහන් කරන්නේ.

පාකිස්තානයේ Dawn පුවත්පත අද වාර්තා කළේ ඉම්රාන් ඛාන් රැගත් වාහනය වසිරාබාද් ( Wazirabad) හරහා යද්දී නාඳුනන තුවක්කු කරුවන් විසින් ඔහුට වෙඩි තැබූ බවයි. ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ මෙම වෙඩි ප්‍රහාරය හිටපු අගමැති ඛාන්ගේ කකුලට වැදී ඇති බවය.

පකිස්තාන ප්‍රවෘත්ති නාලිකාවක් වන ARY වෙඩිවැදුන හිටපු අගමැතිවරයා පිරිසක් මැදින් රැගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් විකාශය කර ඇත.

ඔහුගේ කකුල වටා වෙළුම් පටියක් බැඳ ඇති අයුරු එම දර්ශනවල දැක්විණි.

ඛාන්ගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ ෆාරුක් හබීබ් පවසා ඇත්තේ, “ඉම්රාන් ඛාන් තුවාල වී ඇත, අල්ලාහ් ඔහුව ආරක්ෂා කරයි, මුළු ජාතියම ඉම්රාන් ඛාන්ගේ ජීවිතය වෙනුවෙන් යාච්ඥා කළ යුතුය.” යනුවෙනි.

ඛාන්ගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ ප්‍රකාශක අසාර් මාෂ්වානි පැවසුවේ හිටපු අගමැති “ආරක්ෂිත” බවත් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago