ඉන්ධන මිල අඩු කිරීම පිළිබඳව ඛනිජ තෙල් ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇතිවී තිබෙන්නේ ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන සඳහා ඇනවුම් නොකිරීම හේතුවෙන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉන්ධන මිල පහළ දමනු ඇතැයි උපකල්පනය කරමින් ඉන්ධන පිරවුම්හල් හිමියන් මෙලෙස ඉන්ධන සඳහා ඇනවුම් නොකර සිටින බවය. එළඹෙන සතියේදී ඉන්ධන මිල පහළ දැමීම ගැන කිසිදු තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටී. ඒ වගේම සිපෙට්කෝ සහ ලංකා අයි.ඕ.සී ඉන්ධන ගබඩාවල ප්‍රමාණවත් ඉන්ධන පවතින අතර කිසිදු හිඟයක් නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල්කරුවන් විසින් ඉන්ධන ඇණවුම් කිරීමේ ප්‍රමාදයක් දක්නට ලැබෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එහි උප සභාපති කුසුම් සන්ධනායක මහතා පවසන්නේ, ඉන්ධන මිල අඩුවන බවට අපේක්ෂා කිරීම හේතුවෙන් ඇණවුම්කිරීම එලෙස සීමා කර ඇති බවය.

“පසුගිය මිල සංශෝධනයේදී උදේ 10ට විතර තෙල් අඩුවෙනවා කියලා ප්‍රකාශ කළා. නමුත් ඛනිජ තෙල් සංස්ථාවත්, IOC සමාගමත් දෙකම ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට තොග බෙදාහැරියේ අර පරණ මිලටම තමයි. එතකොට විශාල පාඩුවක් මේ බෙදුම්කරුවන්ට වුණා ලංකාව පුරාම සිටින. මේ 01 වනදා මිල සංශෝධනයක් තියෙනවා කියලා ප්‍රකාශ කරපු නිසා මේ තෙල් මිලදී ගැනීමේන් වැළකී සිටියා සියලුම පිරවුම්හල් හිමියන්. මේක සාධාරණ හේතුවක්. මොකද මෙවැනි විශාල පාඩුවක් මේ පිරවුම්හල්වට වෙනවා. දැන් කාලේ තියෙන විදිහට, බැංකුවල තියෙන පොලී අනුපාතය අනුව කරන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒකෙන් වැළකී සිටිය නිසා IOC සමාගම නම් මම කියන්න දැන්නේ නැහැ හරියටම. එහෙම කරන එකක් නැහැ කියලා මගේ විශ්වාසය. නමුත් ඛනිජ තෙල් සංස්ථාව දඬුවමක් වශයෙන් ඒ අයට තෙල් නිකුත්කිරීම නවත්වලා තියෙන්නේ.”

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago