අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරකින් පාසල් ළමුන් ඇතුළු 10දෙනෙක් තුවාල ලබා තිබේ.
අප වාර්තාකරු පැවසුවේ එලෙස තුවාල ලැබූ පිරිස නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බවය.
අද (02) උදැසන 7.30ට පමණ එම අනතුර සිදු වී ඇත්තේ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේදීය.
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.
තුවාල ලැබුවන් අතර පෞද්ගලික බස් රථයක රියදුරා සිටින බවත්, එම මාර්ගයේ අනතුරු බහුල වශයෙන් සිදුවන වංගුවක් අසල එම අනතුර සිදුවී ඇති බවත්, බස් රථ දෙකම අධික වේගයෙන් ධාවනය කර ඇති බවත් අනතුර පිළිබඳ ව පරීක්ෂණ පවත්වන නාවලපිටිය පොලීසිය කියා සිටියේය.
එම බස් රථ දෙකේම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවය කරන සේවක සේවිකාවන් පිරිසක්ද සිට ඇති බව නාවලපිටිය පොලීසිය කියා සිටියේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…