ඒකාබද්ධ විරෝධතාවයට ආ සජිත් ප්‍රේමදාස විරෝධය මැද පිටව යයි

විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොළඹදී විරෝධතා පා ගමනක් පැවැත්විණි. මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු යන තේමාව යටතේ විරෝධතාව අද පස්වරු 3.30ට පමණ ආරම්භ විය.

විරෝධතාකරුවන් මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටට රැස්වූ අතර ඊට සමගි ජන බලවේගය නියෝජන කරමින් එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර ඇතුළු කණ්ඩායමක් හා 43 වැනි සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා හා පෙරටුගාමී සමාජවාදි පක්ෂය නියෝජනය කරමින් දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

පසුව පාගමන ආරම්භ වු අතර ටෙක්නිකල් හංදිය හරහා විරෝධතාකරුවන් කොටුව දෙසට ගමන් කළේය. ටෙක්නිකල් හංදිය පසුකර පිටකොටුව දෙසට ගමන් කරන අතරවාරයේ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මාර්ගය හරස් කරමින් රැඳී සිටියේය. එහිදී විරෝධතාකරුවන් ඉදිරියට යාම වැළැක්වීමට සංවිධායකයින් උත්සාහ කළ ද එය ව්‍යර්ථ වීම හේතුවෙන් එම ස්ථානයේ සිටම ජන රැලියක් පැවැත්වීමට තීරණය කෙරුණි.

එහෙත් පැමිණ සිටි පිරිස් වෙතින් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ජන රැලිය පැවැත්වීමට නොහැකි වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.

අනතුරුව විරෝධතාකරුවන් නැවත වරක් ඉදිරියට යෑමට උත්සාහ කිරීමේදී පොලීසිය සමග නොසන්සුන් තත්ත්වයක් හටගත් අතර පසුව ඔවුන් එම ස්ථානයෙන් විසිර ගියේය.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago