දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම එක් අයෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.
වර්ෂාවෙන් සහ ජල ගැලීම්වලින් බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාවද තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව පවුල් 132, 110කට අයත් පුද්ගලයින් හාර 441, 590 දෙනෙකු මේ වන විට බලපෑමට ලක්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ.
එසේම, සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 38, 616ක්.
මේ අතර, ඩෙල්ෆ් දූපතේ සිටි රෝගී පුද්ගලයින් තුන්දෙනෙකු හෙලිකොප්ටර් යානාවකින් පලාලි ගුවන් කඳවුර වෙත රැගෙන විත් ගිලන් රථයක් ආධාරයෙන් යාපනය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවයි ගුවන් හමුදාව සදහන් කළේ.